Sri Lanka’s first ever ocean based e-magazine

මගීන් 89කට මරු කැඳ වූ බෝට්ටු අනතුර

අප්‍රිකාවේ මොරිටානියා වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ගිලී යාමෙන් පුද්ගලයින් 89 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. විදෙස් මාධ්‍ය වාර්තා අනුව පසුගිය ජුලි 01 වැනිදා මෙම නීතිවිරෝධී මගීන් රැගත් යාත්‍රාව පෙරළී ගොස් ඇත්තේ යුරෝපය බලා යමින් සිටියදී ය.

මෙම යාත්‍රාව ගිලීයාමෙන් අනතුරුව මොරිටානියානු වෙරළාරක්ෂක කණ්ඩායම කඩිනමින් මුදවාගැනීමේ මෙහෙයුමක් දියත් කළ අතර ඔවුන් මුහුදේ පාවෙමින් සිටි පුද්ගලයින් 9 දෙනෙකු බේරාගැනීමට සමත් විය. දිවි ගලවා ගත් අය අතර පස් හැවිරිදි දැරියක් ද සිටින බව එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.

 

ocean 1 st by oceanlust

(www.cbsnews.com) වෙබ් අඩවිය ඇසුරිනි

Latest Comments

No comments to show.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *