ඕමාන් වෙරළට ඔබ්බෙන් තෙල් නැවක් පෙරළෙයි: ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු අතුරුදන්

ඕමාන් රාජ්‍යයේ සමුද්‍රීය ආරක්ෂක මධ්‍යස්ථානයට (MSC) අනුව පසුගිය සඳුදා දින ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 16 දෙනෙකු සමඟ ඕමාන් වෙරළට ඔබ්බෙන් තෙල් නැවක් පෙරළී ඇති බව වාර්තා වේ.

පෙරළීමට හේතුව සවිස්තරාත්මකව අනාවරණය කරගෙන නොමැති නමුත් සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක බව ඕමාන සමුද්‍රීය ආරක්ෂක මධ්‍යස්ථානය වාර්තා කළේය.

MSC සමාජ මාධ්‍ය වේදිකාවක් වන X හි සඳහන් කර ඇත්තේ, “සඳුදා, කොමරෝස් ධජය සහිත තෙල් නැවක් Ras Madrakah හි සිට ගිනිකොන දෙසින් Duqm වරාය නගරයට ආසන්නව නාවික සැතපුම් 25 ක් දුරින් පෙරළුණු බවයි.”

මෙම නෞකාව “Prestige Falcon” ලෙස හඳුනාගෙන ඇති අතර, එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 16 දෙනෙකු එහි සිටි අතර ඉන් ඉන්දියානුවන් 13 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඇතුළත් බව වැඩිදුරටත් පවසයි. එමෙන්ම මෙම යාත්‍රාව යේමනයේ Aden වරාය නගරය වෙත ගමන් කරමින් තිබූ බව ද වාර්තා වේ.

(www.newswire.lk) වෙබ් අඩවිය ඇසුරිනි

 

Ocean 1st by oceanlust

Latest Comments

No comments to show.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *