Sri Lanka’s first ever ocean based e-magazine

තද සුළං සහ රළු මුහුද සම්බන්ධයෙන් “රතු නිවේදනයක්” නිකුත් කරයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අරාබි මුහුදේ සහ බෙංගාල බොක්ක ප්‍රදේශයේ නාවික සහ බහුදින ධීවර ප්‍රජාවට තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ ‘රතු’ නිවේදනයක් නිකුත් කර තිබේ.

අනතුරු ඇඟවීමට අනුව, සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය ((10N – 20N) සහ (55E – 75E) මායිම් වන මුහුදු ප්‍රදේශවල) මෙන්ම බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය ((12N – 17N) and (83E – 93E) මායිම් වන මුහුදු ප්‍රදේශවල) පැයට කිලෝමීටර් 70-80 දක්වා ඉතා තද සුළං මෙන්ම ඉතා රළු මුහුදු තත්වයන්ද ඇතිවිය හැක.

මේ අනුව, නැවත දැනුම් දෙන තුරු ඉහත සිතියමේ රතු පැහැයෙන් සලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවලට නොයන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට උපදෙස් ලබා දී ඇති අතර ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල සිටින පුද්ගලයින්ට වහාම වෙරළට පැමිණීමට හෝ ආරක්ෂිත ප්‍රදේශ වෙත යාමට ද උපදෙස් දී ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි අනාවැකි පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසද නාවික සහ ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

(www.adaderana.lk) වෙබ් අඩවිය ඇසුරිනි

 

Ocean 1st by oceanlust

Latest Comments

No comments to show.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *