කල්පිටියේදී නීතිවිරෝධී වියළි කහ කිලෝග්‍රෑම් 749ක් සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට

කල්පිටිය, උච්චමුනෙයි මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය ජූලි 31 දින අලුයම සිදුකළ සැළකිය යුතු මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස රැගෙන ආ වියළි කහ කිලෝග්‍රෑම් 749ක් පටවා තිබූ ඩිංගි යාත්‍රාවක් සාර්ථක ලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ජාවාරම් කිරීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

වයඹ නාවික කොමාන්ඩෝවට අයත් SLNS විජය විසින් සිදු කරන ලද මෙම මෙහෙයුම, නීතිවිරෝධී ද්‍රව්‍ය රට තුළට ගලා ඒම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් ගත් අඛණ්ඩ උත්සාහයේ ප්‍රතිඵලයකි. නාවික හමුදා සාමාජිකයින්, මුර සංචාර සහ වෙරළබඩ ප්‍රදේශවල සෝදිසි මෙහෙයුම් පවත්වාගෙන යමින්, උච්චමුනෙයි ඔබ්බෙන් වූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී, මෙම වියළි කහ ගෝනි 17 සොයා ගෙන ඇති අතර, එහි මුළු බර කිලෝග්‍රෑම් 749 ක් පමණ වේ.

මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කල්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 සහ 44 යන වයස්වල පසුවන්නන් දෙදෙනෙකි. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරුවන්, වියළි කහ තොගය සහ ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන ඇත.

රාජසන්තක කරන ලද භාණ්ඩ සහ සැකකරුවන් දෙදෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට නියමිතය.

(news.navy.lk) වෙබ් අඩවිය ඇසුරිනි

Ocean 1st by oceanlust

Latest Comments

No comments to show.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *