Xpress Pearl නෞකාවේ කපිතාන් , අගමැති දිනේෂ්ගෙන් ඉල්ලූ ඉල්ලීම

2021 දී ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් සිදු වූ Xpress Pearl ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාවේ රඳවා සිටින කපිතාන් Vitaly Tyutkalo, තමාට ආපසු ගෙදර යාමට උදව් කරන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලා තිබේ. කපිතාන් Tyutkalo අත්අඩංගුවට ගත් නමුත් පසුව ඇප මත මුදා හැරියේ ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අත් අඩංගුවට ගනිමිනි.

අන්තරායකර රසායනික ද්‍රව්‍ය සහ ප්ලාස්ටික් ඇතුළු කන්ටේනර් 1486ක් රැගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට නාවික සැතපුම් 10ක් උතුරින් නැංගුරම් ලා තිබියදී ගිනි ගැනීමට ලක්විය. මෙම ව්‍යසනයෙන් පසු කපිතාන් Tyutkalo අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරුණ නමුත් සිද්ධියට අදාළව පවතින නීතිමය කටයුතු හේතුවෙන් ඔහු ශ්‍රී ලංකාවේ රඳවාගෙන ඇත.

Sea Trade Maritime ප්‍රවෘත්ති හරහා, ඔහු තම දුක්ඛිත තත්වය පවසා සිටි අතර, ඔහුගේ සෞඛ්‍යය පිරිහී ඇති බවද හෙළිදරව් කළේය. එමෙන්ම ඔහු ශ්‍රී ලංකාවේ වසර තුනක රැඳී සිටි කාලය තුළ ඔහුට තම පවුලේ විශේෂ සිදුවීම් මග හැරුණ බවද වැඩිදුරටත් පවසා ඇත. දියණියගේ විවාහය මෙන්ම තවත් දියණියකගේ උපාධි ප්‍රදානෝත්සවය ද ඒ අතර වේ .

ocean 1 st by oceanlust

(www.ceylonwire.lk) වෙබ් අඩවිය ඇසුරිනි

Latest Comments

No comments to show.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *