ධීවර ක්ෂේත්‍රය උඩු යටිකුරු කරන පෙරළිකාර ඇප් එක

අප පෘථිවිය ලෙස හඳුන්වන ග්‍රහලෝකය ජලයෙන් පිරී ඇති අතර එහි මතුපිටින් 70%ක් පමණ සාගරවලින් වැසී ඇත. සාගර  ජීවයේ ප්‍රධාන මූලාශ්‍රයක් වන අතර එය ලෝකයේ ඔක්සිජන් වලින් අඩක් තරම් ප්‍රමාණයක් සපයනු ලබයි.

අද වන විට සාගර පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම , සාගරය හරහා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම හා ජනයාගේ ජීවනෝපාය ඉහල නංවාලීම සඳහා සාගර සම්පත තිරසර ලෙස සුරකීම දැඩි අවධානයකට ලක් කර ඇත. එකී සංකල්පය *” නීල ආර්ථිකය “* ලෙස නිර්වචනය කරනු ලබයි. මෙකී නීල ආර්ථිකය වරාය කටයුතු, ධීවර කටයුතු ,සමුද්‍රීය  සංචාරක යනාදී  විවිධ ක්‍රේෂත්‍ර හා බැදෙයි.

නීල ආර්ථිකය තුළ තිරසර සංවර්ධනය සංකල්පය අන්තර්ගත වී ඇති අතර 2015 එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් 2030 වන විට ළඟා කර ගැනීමට අපේක්ෂා කරන්නා වූ තිරසාර සංවර්ධන අරමුණු 17ක් තුළින් 14වන අරමුණ හරහා ඉටු කර ගැනීමට අපේක්ෂා කරනුයේ තිරසාර සංවර්ධනය සඳහා සාගර සම්පත් සංරක්ෂණය හා තිරසාර ලෙස භාවිතා කිරීමයි. එහිදී මූලිකවම ” *Life below water ” එනම්, *” ජලය තුළ ජීවය “*  ලෙස හඳුනාගෙන ඇත.

ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකය තුළ ධීවර කර්මාන්තය ප්‍රධාන ස්ථානයක් හිමිකර ගන්නා අතර ශ්‍රී ලංකාවේ ධීවරයන් ඔවුන්ගේ ජීවනෝපාය සිදුකරගෙන යාමේදී බොහෝ අභියෝගයන්ට මුහුණ දීමට සිදුව ඇත. එකී අභියෝග ලෙස , ධීවරයන්ගේ අඩු ආදායම් තත්වය හා ණයගැතිභාවය , ධීවර ආම්පන්න හිඟය, ඉන්ධන මිල ඉහළ යාම, අවිනිශ්චිත වෙළෙඳපල තත්වය හා ප්‍රවාහනය හා ගබඩා කිරීමේ ගැටළු පෙන්වාදිය හැක. ඒ සඳහා සාර්ථක විසඳුමක් ලෙස  *”blu biz lanka “* ඇප් එක පෙන්වාදිය හැක.

” නීල ආර්ථිකයේ ” නීල යන කොටසින් “blu” යන කොටසත් business යන්නෙන්  “biz” යන කොටසත් උපයෝගි කර ගනිමින්  *” blu biz “* යන නම නිර්මාණය වූ අතර blu biz lanka යෙදවුම සාගර සම්පත් විශ්ලේෂණ ආයතනය ( INORA )  oceanlust  සඟරාව හා Ocean link sea services pvt ltd   සහයෝගිතාවයෙන් නිර්මාණය කර ඇත. එහි තාක්ෂණික සහාය  සඳහා කැළණිය විශ්ව විද්‍යාලයේ පරිගණක හා තාක්ෂණික පීඨය  සහයෝගිව කටයුතු කරනු ලබයි.

blu biz lanka හි පරමාර්ථය වනුයේ , ” එක්සත් ජාතින්ගේ SDG 14 වන ඉලක්කය *ජලය තුළ ජීවය*  යන තේමාව යටතේ සාගර සම්පත් භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමු කරන තරුණ ව්‍යවසායකයින් පෝෂණය කිරීමයි.” එමෙන්ම මෙහි මෙහෙවර ලෙස පෙන්වා දෙනුයේ  ” නීල ආර්ථිකයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම හා අපගේ සාගර හා සාගර සම්පත් සඳහා තිරසාර අනාගතයක් නිර්මාණය කිරීමයි. ” මේ හරහා මෙම විෂය පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කිරීම , සෘජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම , නව ආදායම් මාර්ග නිර්මාණය කිරීම හා අනාගත පරපුර සඳහා තිරසාර සාගර පදනම් කරගත් ආර්ථිකයක් ස්ථාපිත කිරීම INORA  හි දිගු කාලීන ඉලක්ක යටතට වැටෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මත්ස්‍ය වෙන්දේසිය සඳහා හදුන්වාදෙන blu biz lanka ඇප් එක මගින් ධීවර ජනතාවගේ අස්වැන්න සඳහා ඉහල මිලක් ලබා දීමට කටයුතු කිරීමට අපේක්ෂා කරනු ලබයි.

blu biz lanka ඇප් එක  සමස්ත සාගර ආර්ථිකයටම බලපාන අතර ධීවර ක්‍ෂේත්‍රය යනු එහි එක් කොටසක් පමණි. ඒ හරහා මත්ස්‍ය වෙන්දේසියක් තුළින් ධීවර ජනයාගේ ආර්ථිකය නඟා සිටුවීමත් අතරමැදිකරණයෙන් ධීවරයා සුරැකීමත් මෙහි සුවිශේෂිතාවයක් ලෙස පෙන්වාදිය හැකි  අතර ඒ තුළින් ධීවරයාගේ ආර්ථිකය ශක්තිමත් වනවා සේම පාරිභෝගිකයාටද අඩු මිලකට මාළු ලබා ගැනීමේ වාසිය නිතැතින්ම ළඟා වනු ඇත.

මේ අනුව ධීවර ජනයාගේ ආර්ථිකය සවිමත් කිරීමටත් ඒ හරහා ප්‍රමිතියකින් යුතු මාළු නිෂ්පාදන පාරිභෝගිකයාට ද පරිභෝජනය කිරීමේ හැකියාවක් සැලසෙන ඩිජිටල්කරණයේ උපරිම ඵල නෙළාගත හැකි කාලීන ඇප් එකක් ලෙස blu biz lanka ඇප් එක නිර්දේශ කල හැක.

නිරෝධා අබේසේකර

INORA  ආයතනය .

Latest Comments

No comments to show.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest Post

Categories