නොසැළකිලිමත් ලෙස තල්මස් පැටවාට හිරිහැර කිරීමට උත්සහා කළ නවසීලන්ත පුද්ගලයෙකුට දඩ

නොසැලකිලිමත් ලෙස තල්මස් පැටවා ට හිරිහැර කිරීමට උත්සාහ කළ නවසීලන්ත පුද්ගලයෙකුට දඩ

නවසීලන්ත ජාතිකයෙකු තල්මසුන් අසල බෝට්ටුවක සිට වතුරට පැන, වැඩිහිටි පිරිමි සහ පැටවා හට “ශරීරයට පහර දීමට” උත්සාහ කළ රංගනයකින් පසු ඔහුට NZ$600 ක දඩයක් නියම කර ඇත. මෙම සිදුවීම වීඩියෝ පටයකින් තුළින් පෙබරවාරි මාසයේදී Instagram වෙත බෙදා හරින ලද අතර එය ඕක්ලන්ඩ් හි ඩෙවොන්පෝට් වෙරළට ඔබ්බෙන් සිදු වී තිබිණ.

දර්ශනවලට අනුව , 50 හැවිරිදි පුද්ගලයා මුහුදට පැන “මම එය ස්පර්ශ කළා” යනුවෙන් කෑගසමින්, සිද්ධිය පටිගත කිරීම ගැන සඳහන් කර ඇත. නොසැලකිලිමත් ක්‍රියාව අතරතුර බෝට්ටුවේ සිටි අනෙකුත් මගීන් සිනාසෙමින් ඔල්වරසන් දුන්හ.

නවසීලන්ත සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව (DOC) මෙම හැසිරීම හෙළා දැක ඇති අතර, එම ක්‍රියාවන් “කම්පන සහ මෝඩ” ලෙස විස්තර කරයි. DOC හි ප්‍රකාශකයෙකු අවධාරණය කළේ ඕනෑම සාගර ක්ෂීරපායින් සමඟ පිහිනීම, බාධා කිරීම හෝ හිරිහැර කිරීම නීති විරෝධී බවයි.

ocean 1 st oceanlust
( www.independent.com ) වෙබ් අඩවිය ඇසුරෙනි .

Latest Comments

No comments to show.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *