ධීවර කර්මාන්තයේ ප්‍රගමනය සදහා ඉන්ධන සහනාධාරය ලබා දිය යුත්තේ ඇයි?

ධීවර කාර්මිකයින්ට ඉන්ධන සහනාධාරය ලබාදීම විවාදයට ලක්ව ඇති අතර ඇතැමුන් තර්ක කරන්නේ එය  ලබාදීම අනවශ්‍ය බවයි.  කෙසේ වෙතත්, සහනාධාර හරහා කුසලතා වැඩි දියුණු කිරීම කෙරෙහි අප අවධානය යොමු කළ යුතුය.(Merit freebies)  ධීවරයින් සඳහා ආයෝජනය කිරීමෙන්, නිෂ්පාදනය ඉහළ නැංවීම නිතැතින්ම සිදු වේ.  විශේෂයෙන්ම අද වනවිට බොහෝ බෝට්ටු යාත්‍රා කිරීමට නොහැකි තත්ත්වයට පත්වී ඇති බැවින් ධීවර ප්‍රජාවන් තුළ සමාජ-ආර්ථික අභියෝග උග්‍ර කර ඇත.

නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට සහ අතිරික්තය උත්පාදනය කිරීමට උපාය මාර්ගික ප්‍රවේශයක් අත්‍යවශ්‍ය වේ.  දැනට, අපි ආනයන හා අපනයන මූල්‍ය සමතුලිත කිරීම හෝ අපනයන අගය යාම්තම් හෝ ධන මට්ටමින්  කළමනාකරණය කිරීමට වෙර දරයි. නමුත් ආනයන ඉවත් කිරීමෙන් අපනයනය සඳහා ව්ශාල අතිරික්තයක් ලබා ගැනීමට අපි උනන්දු විය යුතුය.  මෙම අතිරික්තය ධීවර කර්මාන්තයට සැලකිය යුතු ප්‍රතිලාභයක් ලබා දිය හැකි අතර එය අනෙකුත් අංශවලට, විශේෂයෙන් කෘෂිකර්මාන්තයටද ආදර්ශයක් විය හැකිය.

අතිරික්ත අරමුදල් නවෝත්පාදනයට හරවා යැවීම හරහා තාක්ෂණික දියුණුව මගින් පහසුකම් සැලසීම, නිෂ්පාදන විවිධාංගීකරණය වීම සහ ආර්ථිකය පුළුල් කිරීම සඳහා අවස්ථාව උදා වේ.  එය දිගු කාලීන තිරසාරත්වය පෝෂණය කරයි.

ධීවරයින් සඳහා ඉන්ධන සහනාධාරය නිපුණතා වැඩිදියුණු කිරීම සහ ආර්ථික වර්ධනය සඳහා ආයෝජනයක්  ලෙස නියෝජනය වේ.  අතිරික්ත සම්පත් ප්‍රයෝජනයට ගනිමින් සහ නවෝත්පාදනයන් මෙන්ම ඩිජිටල්කරණය වැලඳ ගැනීමෙන්, අපි දියුණු ධීවර කර්මාන්තයකට මග සලසනවා පමණක් නොව විවිධ අංශ හරහා තිරසාර සංවර්ධනයක් සඳහා පූර්වාදර්ශයක් සැපයීමට හැකි බව පෙන්වා දිය යුතුය.

නිරෝධා අබේසේකර .

INORA බුද්ධි මණ්ඩලය .

Latest Comments

No comments to show.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest Post

Categories