ලෝකයේ කුඩාම දූපත ඉන්දියන් සාගරයෙන් හමුවෙයි?

ඉන්දුනීසියාවේ Meulaboh ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් විස්මිත සොයාගැනීමක් ලෙස ඉන්දියන් සාගරයේ මැද පිහිටි “ලෝකයේ කුඩාම දූපත” ලෙස ඔවුන් විශ්වාස කරන මෙම ස්ථානය සොයාගෙන තිබේ. එම කුඩා භූමි ප්‍රමාණය මීටර් දෙකයි දෙකක් පමණ වන අතර, එය තනි කටුස්සෙකුට ජීවත්වීමට ප්‍රමාණවත් වන තරමේ භූමියක් බව පවසයි.

Ari Martia Affandi සහ ඔහුගේ කාර්ය මණ්ඩලය මැයි 14 වන දින Meulaboh සිට සාමාන්‍ය මසුන් ඇල්ලීමේ චාරිකාවක නිරත වන අතරතුර මෙම විශාල සාගරය මධ්‍යයේ තිබූ හුදකලා, තණකොළ සහිත චතුරශ්‍රයක් බඳු අපූර්ව දර්ශනය දුටු අතර එම අවස්ථාව වීඩියෝවක් මඟින් සමාජ මාධ්‍ය වෙත යොමුකිරීමට ඔවුන් කටයුතු කර තිබේ.

එම වීඩියෝවට අනුව එම් ධීවරයන් පිරිස කුඩා බිම් තීරුව පසුකර යනවිට සිනාසෙමින් පවසන්නේ “එතන තිබුණේ එක පුංචි කටුස්සෙකුට ප්‍රමාණවත් ඉඩක් පමණයි,”බවය. ඔවුන් පවසන පරිදි එය සොයාගන්නා විට Meulaboh සිට පිටත්ව ගොස්, අවම වශයෙන් සැතපුම් හතක් පමණ මුහුදට එපිටින් සිටින්නට ඇති බවත්, මතුපිට වෙනත් කිසිවක් පෙනෙන්නට නොතිබුණ බවත් පවසයි.

එතැන් සිට එම වීඩියෝව ලොව පුරා කුතුහලය සහ විනෝදය ඇති කරමින් නරඹන්නන් ආකර්ෂණය කරගෙන ඇත. මෙම අහඹු සොයාගැනීම සාගරයේ ඇති විස්මයන් පිළිබඳව මිනිසුන් තුළ දැඩි කුතුහලයක් ඉස්මතු කිරීමට සමත්ව ඇත.

ocean 1 st by oceanlust
(www.independent.co.uk) වෙබ් අඩවිය ඇසුරිනි

Latest Comments

No comments to show.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *