සාගර උෂ්ණත්වය ඉහළට – සාගර ජීවින් හා වෙරළ පරිසරය පද්ධතිය අනතුරේ

මෑතකාලීන දත්ත මගින් සාගර උෂ්ණත්වයේ සැලකිය යුතු ප්‍රවණතාවක් හෙළිදරව් කරන අතර උතුරු අත්ලාන්තික් සාගරයේ පෙර නොවූ විරූ අධික උෂ්ණත්වයක් අඛණ්ඩව දින 421 ක් වාර්තා වී ඇත. මෙම තැතිගන්වනසුලු සංඛ්‍යාලේඛන අවධාරනය කරන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ බරපතලකම වන අතර, ප්‍රධාන වශයෙන් ෆොසිල ඉන්ධන දහනය වැනි මානව ක්‍රියාකාරකම් මෙයට හේතුව බවය.

ගෝලීය සාගර උෂ්ණත්වය පෙර වසරවලට වඩා 0.5°F ඉහළ මට්ටමක පවතින අතර එය සාමාන්‍ය වාර්තාගත වර්ධක 0.1°F හෝ ඊට අඩු අගයට සාපේක්ෂව සැලකිය යුතු පිම්මක් වේ. මෙම ශීඝ්‍ර උෂ්ණත්ව වර්ධනය විස්තීරණ දේශගුණික ක්‍රියාමාර්ගවල හදිසි අවශ්‍යතාවය ඉස්මතු කරයි.
මෙම උෂ්ණත්වය ඉහළ යාම සාගර ජීවීන් කෙරෙහි ප්‍රබල බලපෑමක් සිදුකරයි. සාගර උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රතිවිපාක ගැඹුරු මෙන්ම බහුවිධ වන අතර එය සාගර පරිසර පද්ධතිවලට සහ ඒවායේ වාසය කරන ජීවි විශේෂවලට බලපායි. එම තීරණාත්මක බලපෑම් අතර උෂ්ණත්වය ඉහල යාම කොරල් කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරයි. අධික උෂ්ණත්වය කොරල්පර කෙරෙහි අහිතකර වන අතර, ඒවායේ විචිත්‍රවත් වර්ණ ලබා දෙන සහජීවන ඇල්ගී ඉවත් කිරීමට හේතු වේ. ෆ්ලොරිඩාවේ සිට දකුණු පැසිෆික් කලාපය දක්වා ලොව පුරා ඇති සංකේතාත්මක ගල්පර විශාල වශයෙන් මිය යමින් පවතී. මෙම සංසිද්ධිය කොරල්පරවලට පමණක් නොව, ක්ලවුන්ෆිෂ් සහ අනෙකුත් ගල්පර වැසියන් ඇතුළු මෙම පරිසර පද්ධති මත යැපෙන සාගර ජීවීන්ටද ප්‍රබලව බලපෑම් සිදුකරයි.

එමෙන්ම මත්ස්‍යයන් සහ අනෙකුත් සාගර සතුන් ඔවුන්ගේ වාසස්ථාන අධික ලෙස උණුසුම් වීම නිසා සිසිල් ජලය දෙසට සංක්‍රමණය වේ. මෙම මාරුව ජනගහන ව්‍යාප්තියට බලපාන අතර තල්මසුන් වැනි සාගර ක්ෂීරපායීන් ඔවුන්ගේ ගොදුර සොයා නව ප්‍රදේශ කරා ගමන් කරන විට නැව් මංතීරු සමඟ භයානක හමුවීම් සහ අනතුරු වලට මුහුණ දෙයි. තව ද ධීවර කර්මාන්තය ද විවිධ අභියෝගයන් රැසකට මුහුණ දෙයි. ධීවරයින් මත්ස්‍ය ගහනය සහ ස්ථාන වෙනස්වීමට අනුගත විය යුතු බැවින්, ධීවර කර්මාන්තයෙන් යැපෙන ප්‍රජාවන්ට ද බලපෑම් එල්ල වේ.

මෙම උෂ්ණතවය ඉහළ යාම නිසා වෙරළ පරිසර පද්ධති විශේෂයෙන් අවදානමට ලක් වේ. උණුසුම් ජලය Vibrio වැනි හානිකර බැක්ටීරියා පෝෂණය කරන අතර එය බෙල්ලන් ගල්පර සහ මිනිස් පාරිභෝගිකයින් අනතුරේ හෙළයි. මීට අමතරව, මුහුදු ජලයේ තාප ප්‍රසාරණය සහ ග්ලැසියර දියවීම මුහුදු මට්ටම ඉහළ යාමට දායක වන අතර, වෙරළබඩ වාසස්ථාන ඛාදනය වීමට සහ මුහුදු තෘණ අහිමි වීමට හේතු වේ. කුණාටු තීව්‍රතාවය වැඩි වීම මෙම වැදගත් පරිසර පද්ධතිවලට තවදුරටත් තර්ජනයක් වන අතර, ඒවායේ ස්වභාවික ආරක්ෂණ ක්‍රියාකාරකම් ද අඩු කරයි.

කෙසේ නමුත් මෙම බලපෑම් අවම කිරීම සඳහා, පොසිල ඉන්ධන වලින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත සංක්‍රමණය කිරීම අනිවාර්ය විය යුතු බව ඔවුන් අවධාරණය කරයි. අක්වෙරළ සුළං බලශක්තිය වැනි තිරසාර විකල්පවලට පක්ෂව අක්වෙරළ කැනීම් ඇතුළු තෙල් හා ගෑස් ඉවත් කිරීම සාගර උණුසුම සැලකිය යුතු ලෙස අඩු කළ හැකිය. ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ සමුද්‍ර පරිසරයේ සහ වෙරළබඩ ප්‍රජාවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා සමුද්‍ර පුනර්ජනනීය බලශක්තියේ වගකීම් සහගත සංවර්ධනය ඉතා වැදගත් වන බවය.

ocean 1 st by oceanlust

(oceanconservancy.org) වෙබ් අඩවිය ඇසුරිනි

Latest Comments

No comments to show.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *