ශ්‍රී ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කරමින් නිර්මාණය වී ඇති අලුත්ම App එක – Politricks (පොලිටික්කා)

ශ්‍රී ලාංකිකයාගේ දේශපාලන සාක්ෂරතාවය කෙතරම් දුර්වලදැයි පුන පුනා ඔබ වෙත පසක් කරදීමට අවශ්‍ය නොවේ. නවීන තාක්ෂණය කෘත්‍රිම බුද්ධිය මෙන්ම ඩිජිටල් තාක්ෂණයේද ඉතා ඉහල සමාජ තත්ත්වයන් අනෙකුත් රටවල් ළඟා කරගෙන ඇතත් ඒ හා සසඳන විට අප සිටින්නේ ගල් යුගයේ ය. හුදෙක්ම ශ්‍රී ලාංකික දේශපාලන අනවබෝධය තීරණාත්මක මැතිවරණ කෙරෙහි දැඩි ලෙස බලපා ඇති බව අද වන විට නොරහසකි.

මෙයට විසඳුමක් වශයෙන් අයේෂ් ඉන්ද්‍රනාත් රණවකගේ අදහසක් මත INORA කණ්ඩායම මඟින් නිර්මාණය කර ඇති නවතම යෙදවුමයි Politricks හෙවත් පොලිටික්කා . දේශපාලනඥයෙකුගේ ඇගයීම් තීරණාත්මක ලෙස නිර්ණය කිරීමට අවශ්‍ය නිර්ණායක 10කින් සමන්විත මෙම යෙදවුම තුළින් ඔහුට හෝ ඇයට ලැබෙන SLP අගය ( ශ්‍රි ලංකා පොලිටික්කා) ඉදිරි මැතිවරණ වලදී ඔහු හෝ ඇය පිළිබඳව තීරණයක් ගැනීමට ඡන්ද දායකයාට මනා පිටුවහලක් වන බව අයේෂ් ඉන්ද්‍රනාත් රණවක විශ්වාස කරයි.

පළවෙනි කරුණු 3 එනම් වයස, අධ්‍යාපන මට්ටම, දරන ලද දේශපාලන තනතුරු පිළිබඳ ලකුණු ලබාදීමේ නිර්ණායකයන් පරිශීලකයාගේ දත්ත මත ආරම්භයේදීම යෙදවුම මඟින් ස්වයංක්‍රීයව ගණනය කිරීම් සිදුකල ද ඉතිරි නිර්ණායකය 7 ඇගයීමට ලක් කිරීමෙහි සම්පූර්ණ නිදහස ඡන්ද දායකයාට ලැබෙනු ඇත. එක් දුරකථන අංකයක් සඳහා දිනකට එක් වරක් පමණක් භාවිත කල හැකි මෙම ලකුණු ලබාදීම එකම දුරකථනය පාවිච්චි කිරීමේදී ද යෙදවුම විසින්ම ප්‍රතික්ෂේප කරනු ලබයි. දේශපාලනය පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට අදාළ නිර්ණායක අනූව සත්‍ය තොරතුරු මෙම යෙදවුමට ඇතුළත් කිරීම ඕනෑම පුරවැසියකුට සිදුකල හැකි අතර එය ඇගයීමට ලක් කිරීමට ද ඕනෑම ඡන්ද දායකයෙකුට නිදහස ඇත.

නොබෝ දිනකින් මෙය එළි දක්වන අතර ඔබ Google Play store වෙතින් භාගත කර මෙහි අඩුපාඩු ඇතොත් එය යාවත්කාලීන කරගැනීම සඳහා හැකි ඉක්මණින් අප වෙත දන්වා සිටින්න.මෙය ශ්‍රී ලංකාවේ අනාගත දේශපාලනය සම්පූර්ණ වෙනස්කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

මෙහි නිර්ණායක 10 සැකෙවින් පහත පරිදි වේ.

1. වයස

2. අධ්‍යාපන මට්ටම

3. දරන ලද දේශපාලන තනතුරු

4. ජනවාර්ගික/ ආගමික සංහිඳියාව පිළිබඳ දරන ලද හෝ දරන්නා වූ ආකල්පයන්

5. දේශපාලනඥයකු ලෙස දියත් කර ඇති සහ දියත් කිරීමට බලාපොරොත්තු වන ජනතාවාදී ව්‍යාපෘති පිළිබඳව

6. රටේ ආර්ථික උද්දීපනයක් සඳහා ඔහු හෝ ඇය දරන මතවාදය (උදා: පෞද්ගලීකරණය, ප්‍රතිව්‍යුහගතකරණය)

7. අන්තර්ජාතික සම්බන්ධතා සහ භූ දේශපාලනමය විග්‍රහයන් සඳහා දරන ආකල්ප පිළිබඳව

8. ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සම්පත් භාවිතයේ ඉලක්කගත සෘජු විදේශ ආයෝජන සඳහා වූ ආකල්ප පිළිබඳව

9. දේශපාලනික චරිතාපදානය

10. පුද්ගලික චරිතාපදානය

 

ocean 1 st by oceanlust

Latest Comments

No comments to show.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *