මගී ප්‍රවාහන නෞකාවක සේවය ඇරඹූ ශ්‍රී ලංකාවේ පළමු නාවික කාන්තාව – නයෝමි අමරසිංහ

මෙරට නාවික ක්ෂේත්‍රයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ බාධක බිඳ දමමින් මගී ප්‍රවාහන නෞකාවක කාර්ය මණ්ඩලයට එක් වූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව ලෙස නයෝමි අමරසිංහ ඉතිහාසගත වී ඇත.

මගී නැව් මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම සුදුසුකම් ලත් කාන්තා නාවිකවරිය ලෙස ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් පිළිගෙන ඇති නයෝමිගේ මෙම ජයග්‍රහණය සමුද්‍රීය අංශයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සමරනු ලැබේ.

ගාල්ලේ ඉපදී හැදී වැඩුණු නයෝමි සිය අධ්‍යාපනය සඳහා ගාල්ල ශ්‍රී හෘදයා කන්‍යාරාමයට ඇතුළත් වූ අතර වයස අවුරුදු 30 දී, නයෝමි නාවික සේවයට යන ගමන ආරම්භ කලේ මවගේ විරෝධත්වය සහ පවුලේ කරදර මධ්‍යයේ ය. කෙසේ වෙතත්, සිය සොහොයුරාද වෘත්තියෙන් නාවික‍යෙකු විය.

ඇය බීබීසී සිංහල සේවය සමඟ වැඩිදුරටත් පවසා ඇත්තේ “මගේ අම්මා මුලින් කැමති වුණේ නැහැ, ඒත් දැන් එයා මං ඉන්න තැන ගැන හිතලා ගොඩක් සතුටු වෙනවා.” ලෙසයි.

ocean 1 st by oceanlust

Latest Comments

No comments to show.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *