Ocean 1st ප්‍රවෘත්තිය යථාර්ථයක් කිරීමට තංගල්ල එ.ජා.ප.සංවිධායක දිනේෂ් කුමාර මහතා ඉදිරිපත් වෙයි.

ගිලන් බෝට්ටු සේවාවක හදිසි අවශ්‍යතාවය පිළිබඳව Ocean First News විසින් මීට පෙර පළ කළ වාර්තාව යතාර්ථයක් කිරීම සදහා , තංගල්ල ධීවර වරායේ හදිසි යටිතල පහසුකම් අවශ්‍යතා සහ දැනට පවතින පහසුකම් හිඟය පිළිබඳව සොයා බැලීම සඳහා ජපාන තානාපති කාර්යාලයේ පර්යේෂණ උපදේශක Attila Nasir මහතා ප්‍රමුඛ කණ්ඩායමක් තංගල්ල ධීවර වරායට පැමිණීම ඉවහල් වී ඇත.

තංගල්ල එ.ජා.ප.සංවිධායක දිනේෂ් කුමාර මහතාගේ ආරාධනයක් මත මෙම සංචාරය සිදු කරන ලද අතර ධීවර කටයුතුවල ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහා අවශ්‍ය තීරණාත්මක වැඩිදියුණු කිරීම් හඳුනාගැනීම අරමුණු කර ගෙන ඇත.

Ambulance යාත්‍රා කිහිපයක් ධීවර ක්ෂේත්‍රය සඳහා ලබාගැනීම වෙනුවෙන් සකස් කරන ලද ව්‍යාපෘති වාර්තාව සහ සැලසුම තංගල්ල සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයේදී ජපන් නියෝජිත මහතා හට ඉදිරිපත් කිරීමටද දිනේෂ් කුමාර මහතාට හැකි වී තිබේ.

Ocean 1st by oceanlust

Latest Comments

No comments to show.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *