වාර්තාගත උණුසුම හේතුවෙන් ලෝකයේ කොරල්පරවලින් 73%ක් අවදානමක

මාස 18ක වාර්තාගත සාගර උෂ්ණත්වයකින් පසු, ලෝකයේ කොරල්පරවලින් 73%ක් මේ වන විට සැලකිය යුතු තාප පීඩනයකට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජනපද රජයේ කොරල්පර නිරීක්ෂණ ආයතනය පවසයි. මෙය 2023 පෙබරවාරියේ සිට සිව්වන ගෝලීය මහා විරංජන සිදුවීම වන අතර, පැසිෆික්, අත්ලාන්තික් සහ ඉන්දියානු සාගර හරහා ඇති ගල්පර වලට ද ප්‍රබලව බලපා ඇති බව වාර්තා වේ.

විද්‍යාඥයන් විසින් සංරක්ෂණ උපක්‍රම පිළිබඳව නැවත අවධානය යොමුකල යුතු බව අවධාරණය කරයි. ජාත්‍යන්තර කොරල්පර සංගමයේ මහාචාර්ය Tracy Ainsworth මෙම හදිසි අවශ්‍යතාවය ඉස්මතු කළේය.

නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Michael Webster විසින් මෙම ගල්පර වලට තාපයට අනුවර්තනය වූ කොරල්පර හඳුන්වා දීමට යෝජනා කළේය. CO2 අඩු කිරීම අවසාන ඉලක්කය ලෙස පවතින අතර, විවිධ කොරල් විශේෂ හඳුන්වාදීමෙන් ඉදිරි දශක කිහිපය තුළ ගල්පරවලට තාපය සමඟ සටන් කිරීමේ හැකියාවක් ලබා දිය හැකි බව සඳහන් කළේය.

 

(www.theguardian.com) වෙබ් අඩවිය ඇසුරිනි

Ocean 1st by oceanlust

Latest Comments

No comments to show.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *