යුක්‍රේන හමුදා ප්‍රහාරයකින් රුසියානු සබ්මැරීනයක් විනාශ වෙයි

ක්‍රිමියානු අර්ධද්වීපයේ වරායක නැංගුරම් ලා තිබූ රුසියානු සබ්මැරීනයක් සාර්ථක ලෙස විනාශ කළ බව යුක්රේන හමුදාව නිවේදනය කර තිබේ.

2014 දී දියත් කරන ලද “Rostov-on-Don” ප්‍රහාරක සබ්මැරීනය ඉලක්ක කර මෙලෙස මිසයිල ප්‍රහාරය එල්ල කර ගිල්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Kalibr කෲස් මිසයිලවලින් සමන්විත රුසියාවේ කළු මුහුදේ බලඇණියේ ඇති සබ්මැරීන හතරෙන් එකක් වන “Rostov-on-Don” සබ්මැරීනය ප්‍රහාරයට ගොදුරු වූ බව විදෙස් මාධ්‍ය තහවුරු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

 

(liveat8.lk) වෙබ් අඩවිය ඇසුරිනි

Ocean 1st by oceanlust

 

Latest Comments

No comments to show.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *