මාලදිවයින මුහුදේ චීන යාත්‍රාවනට පර්යේෂණ බෑ?

මාලදිවයින මුහුදේ චීන යාත්‍රාවනට පර්යේෂණ බෑ ?

ඉන්දියන් සාගරයේ “සාමය සහ ආරක්ෂාව” වැදගත් බව අවධාරණය කරමින් මාලදිවයින් විදේශ අමාත්‍ය මූසා සමීර් බ්‍රහස්පතින්දා නිවේදනය කළේ මාලදිවයිනේ රජය චීන යාත්‍රාවනට එම මුහුදේ පර්යේෂණ කිරීමට අවසර දී නොමැති බවයි. මෙම ප්‍රකාශය සිදු කොට මාස දෙකක් ඇතුළත එහි දෙවන සංචාරය සනිටුහන් කරමින් චීන සමුද්‍ර පර්යේෂණ යාත්‍රාවක් වන Xiang Yang Hong 3 මාලදිවයින් මුහුදට නැවත පැමිණ ඇත.

ආරක්‍ෂාව සඳහා කලාපීය සහයෝගීතාවයේ වැදගත්කම යළිත් අවධාරණය කළ සමීර් අමාත්‍යවරයා, “ඉන්දියන් සාගරයේ සාමය සහ ආරක්‍ෂාව ඉන්දියාව සහ මාලදිවයින යන දෙකටම මෙන්ම ශ්‍රී ලංකාව සහ අප අවට ඇති සෙසු රටවලට වැදගත් වන අතර, අපි ඒ සදහා දිගටම කටයුතු කිරීමට හා එකට වැඩ කිරීමට කැමති බව” ප්‍රකාශ කළේය.

මාලදිවයින සාමකාමී අරමුණු සඳහා යාත්‍රා පිළිගන්නා අතර, චීන යාත්‍රාවට පර්යේෂණ කටයුතු සඳහා අවසරයක් නොලැබුණු බව ඔහු පැහැදිලි කළේය. “අපි චීන යාත්‍රාවට මාලදිවයින් මුහුදේ පර්යේෂණ සඳහා අවසර දී නැත,” සමීර් ප්‍රකාශ කළේය.

ආරක්ෂක අමාත්‍ය Ghassan Maumoon ට ද පසුගිය මාසයේ මෙම ගැටළුව යොමු කළ අතර, කිසිදු පර්යේෂණ කටයුතු සඳහා ඉඩ නොදෙන බව මාලදිවයිනේ පාර්ලිමේන්තුවට තහවුරු කළේය. චීන යාත්‍රාවේ පැමිණීම කාර්ය මණ්ඩල වෙනස් කිරීම් සහ සැපයුම් ලබා ගැනීම සඳහා පමණක් සීමා වූ බව ඔහු පැහැදිලි කළේය.

Xiang Yang Hong 3 ගේ සංචාරය, මාලදිවයින්-ඉන්දියා සබඳතා පළුදු කර ඇති තත්වයන්හි වර්ධනයක් ලෙස, ජනාධිපති මොහොමඩ් මුයිසු නොවැම්බර් මාසයේදී බලයට පත් වූ දා සිට චීනය දෙසට මාලදිවයිනේ විදේශ ප්‍රතිපත්තියේ මාරුවත් සමඟ සමපාත වේ.

ocean 1st by oceanlust
( www.ndtv.com ) වෙබ් අඩවිය ඇසුරෙනි.

Latest Comments

No comments to show.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *