වද වී යාමේ තර්ජනයට ලක් වූ ලෙදර්බැක් කැස්බෑවන්ට තායිලන් රජයෙන් පුනර්ජීවයක්

සැලකිය යුතු සංරක්ෂණ ප්‍රයත්නයක් ලෙස තායිලන්තය ෆුකෙට් සිට ඉන්දියන් සාගරයට ලෙදර්බැක් කැස්බෑ පැටවුන් 11 දෙනෙකු මුදා හැර තිබේ. තායිලන්ත රජය විසින් වසරක කාලයක් පෝෂණය කරන ලද වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ලෙදර්බැක්, ඔවුන්ගේ ගමන නිරීක්ෂණය කිරීම සඳහා චන්ද්‍රිකා ටැග් වලින් සමන්විත තාක්ෂණයක් භාවිතා කරනු ලබයි.

තායි වෙරළේ වරෙක සුලභ වූ ලෙදර්බැක්, 2018 දී නැවත කූඩුවට පැමිණීමට පෙර වසර ගණනාවක් අතුරුදහන් විය. මෙම කැස්බෑ පැටවුන් අවුරුදු 20 සිට 25 දක්වා නැවත පැමිණ ප්‍රජනනය කරනු ඇතැයි සංරක්ෂණ වාදීන් බලාපොරොත්තු වේ.

තායිලන්තයේ සමුද්‍ර හා වෙරළබඩ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී “පින්සාක් සුරස්වාඩි” පැවසුවේ “ආරක්ෂිත පියවර ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ගේ ගමන් මාර්ග අධ්‍යයනය කිරීම ඉතා වැදගත් බවයි.

පෘථිවියේ විශාලතම කැස්බෑවන් වන ලෙදර්බැක්, ධීවර ආම්පන්න පැටලීම සහ ප්ලාස්ටික් දූෂණය ඇතුළු තර්ජන රාශියකට මුහුණ දෙයි. මෙම අන්තරායන් තිබියදීත්, තායිලන්තය මෙම කැස්බෑවන් ඔවුන්ගේ පළමු වසර දක්වා සාර්ථකව පෝෂණය කරන රටවල් කිහිපයෙන් එකකි.

ජ්‍යෙෂ්ඨ ජීව විද්‍යාඥ “හිරුන් කන්හේ” මෙම පැරණි නාවිකයින් සඳහා අඛණ්ඩ සංරක්ෂණ කටයුතුවල වැදගත්කම අවධාරණය කරමින් ඔවුන්ගේ උත්සාහයේ සාර්ථකත්වය පිළිබඳ බලාපොරොත්තුව පළ කළේය.

ocean 1 st by oceanlust
( www.independent.com ) වෙබ් අඩවිය ඇසුරෙනි

Latest Comments

No comments to show.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *