බ්‍රසීලයේ වෙරළට ඔබ්බෙන් ප්ලාස්ටික් සුංබුන් වලින් සෑදුණු පාෂාණ

බ්‍රසීලයේ ට්‍රින්ඩේඩ් දූපතේ භූ විද්‍යාඥයින් විසින් විශේෂ සොයාගැනීමක් කර ඇත. එනම්, ප්ලාස්ටික් සුන්බුන් වලින් සෑදුණු පාෂාණයි. මෙම තැතිගන්වනසුලු සොයාගැනීම පෘථිවි භූ චක්‍රවලට ප්ලාස්ටික් අපද්‍රව්‍යවල වැඩිවන බලපෑම පිළිබඳ හදිසි කනස්සල්ලට හේතු වී තිබේ.

එස්පිරිටෝ සැන්ටෝ ගිනිකොන දිග ප්‍රාන්තයේ සිට කිලෝමීටර් 1,140ක් දුරින් පිහිටි ට්‍රින්ඩේඩ් දූපත හරිත කැස්බෑවන් සඳහා ආරක්ෂිත රැකවරණයකි. එහිදී ඔවුන් බිත්තර දමති. එහි හුදකලා හා සංරක්ෂණ තත්ත්වය තිබියදීත්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙම දුරස්ථ ප්‍රදේශයට රිංගා ඇති අතර එය ස්වාභාවික පාෂාණ සමඟ බැඳී ඇත.

“මෙය එකවරම අලුත් සහ භයානක ය, මන්ද පරිසර දූෂණය භූ විද්‍යාව කරා ළඟා වී ඇත” යනුවෙන් පරානා ෆෙඩරල් විශ්ව විද්‍යාලයේ භූ විද්‍යාඥ ෆර්නැන්ඩා ඇවලර් සැන්ටෝස් පැවසීය. ප්ලාස්ටික් අපද්‍රව්‍ය දැන් පෘථිවියේ භූ විද්‍යාත්මක වාර්තාවේ කොටසක් බවට පත්වෙමින් පවතින බව සැන්ටොස් අවධාරණය කළේය.

ප්ලාස්ටික් මූලික වශයෙන් ආරම්භ වන්නේ ධීවර දැල් වලින් වන අතර ඒවා සමුද්‍ර ධාරා මගින් ඇදගෙන ගොස් වෙරළ තීරයේ එකතු වේ. උෂ්ණත්වය ඉහළ යන විට, ප්ලාස්ටික් දිය වී දිවයිනේ ස්වභාවික ද්‍රව්‍ය සමඟ ඒකාබද්ධ වේ.

Trindade Island යනු හරිත කැස්බෑවන් (Chelonia mydas) සඳහා තීරනාත්මක සංරක්ෂණ ප්‍රදේශයක් වන අතර, වාර්ෂිකව දහස් ගණනක් ඒ සදහා පැමිණේ. දිවයිනේ එකම මිනිස් වැසියන් වන්නේ කැදලි කැස්බෑවන් ආරක්ෂා කිරීම සඳහා කඳවුරක් පවත්වාගෙන යන බ්‍රසීල නාවික හමුදාවේ සාමාජිකයන්ය.

මෙම සොයාගැනීම පෘථිවිය මත මානව වර්ගයාගේ උරුමය පිළිබඳ ගැඹුරු ප්‍රශ්නය මතු කරයි.

දැනට ලෝක සාගරයේ ප්ලාස්ටික් කැබලි ට්‍රිලියන 170කට අධික ප්‍රමාණයක් පාවෙන අතර දිනකට කෑලි මිලියන 8ක් ඇතුළු වීමත් සමඟ තත්ත්වය භයානක වී ඇත. 2040 වන විට සාගරයට ගලා යන ප්ලාස්ටික් කුණු ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි වනු ඇති බව ප්‍රක්ෂේපන පෙන්වා දෙයි. මුහුදේ මසුන්ට වඩා ප්ලාස්ටික් ප්‍රමාණය වැඩිවන බව එහි පෙන්වා දෙයි.

ocean 1 st by oceanlust
( www.independent.com ) වෙබ් අඩවිය ඇසුරෙනි.

Latest Comments

No comments to show.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *