හිටපු අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී සිදුකල හදිසි ඉල්ලීම

2024 ජුලි 10 වන දින හිටපු අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් පාර්ලිමේන්තුව අමතා, ශ්‍රී ලංකාවේ ධීවරයින්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා අධිවේගී ගිලන්රථ යාත්‍රාවල හදිසි අවශ්‍යතාවය පිළිබඳව අවධාරණය කලේය. මුදල් අමාත්‍යවරයා වෙත යොමු කරන ලද ඔහුගේ යෝජනාව මගින් රටේ ධීවර කර්මාන්තය මුහුණ දී ඇති තීරණාත්මක තත්ත්වය මෙන්ම හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණ නොමැතිකම පිළිබඳව වැඩිදුරටත් අවධාරණය කලේය.

අමාත්‍යවරයා ධීවර ප්‍රජාවගේ සංඛ්‍යාලේඛන පෙන්වාදෙමින් ආසන්න වශයෙන් බහුදින යාත්‍රා 7,000 ක් සහ කුඩා පිටත මෝටර් බෝට්ටු 60,000 ක් දැනට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ක්‍රියාත්මක වන බව සඳහන් කලේය. 2024 ජූනි 28 වැනි දින ඩෙවෝන් 5 ධීවර යාත්‍රාවේ සිදු වූ ඛේදවාචකය ඔහු ඉතා සංවේදී ලෙස සිහිපත් කරමින් පවසා සිටියේ ධීවර අමාත්‍යාංශයට එම ධීවරයන් බේරාගැනීම සඳහා කඩිනම් පියවර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලීම් කලද ඔවුන්ගේ ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ධීවරයන් හය දෙනාගෙන් පස් දෙනෙකු මිය ගිය බවයි.

වෙදආරච්චි සිය කතාව අතරතුර ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදා නැව් හෝ හෙලිකොප්ටර් යැවීම ඇතුළුව පසුගිය පාලන සමයේ ගත් ක්‍රියාකාරී ක්‍රියාමාර්ග හා සැසඳීමේදී, , වත්මන් රජය එවැනි හදිසි අවස්ථා වලදී ක්‍රියා නොකිරීම පිළිබඳව විවේචනය කළේය. හදිසි අවස්ථා වලදී ධීවරයින් ගොඩබිමට ගෙන ඒම සඳහා ශක්තිමත් පද්ධතියක් නොමැති බව ඔහු අවධාරනය කල අතර හෘදයාබාධ, අපස්මාරය සහ බෝට්ටු අතර ඇති වන ආරවුල් වලදී ඇතිවිය හැකි අනතුරු වලදී පවා ඔවුන් බේරාගැනීමට ක්‍රමවේදයක් නොමැති බව පෙන්වා දුන්නේය.

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ ධීවර අමාත්‍යාංශය විසින් අධිවේගී ගිලන්රථ තුනක් සඳහා ඩොලර් මිලියන 24ක් ඇස්තමේන්තු කර තිබූ බවත්, නාරා ආයතනයේ අයේෂ් ඉන්ද්‍රනාත් රණවක මහතා මෙම බෝට්ටු ඩොලර් මිලියන 10 කට පමණ සකස් කිරීමට සැලසුම් කර තිබූ බවත්, මෙම සැලසුම් කිසි විටෙකත් ඉටු නොවූ බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. එබැවින් අධිවේගී ගිලන්රථ යාත්‍රා දෙකක් ලබාගැනීමට අවසර සහ අරමුදල් ලබාදෙන ලෙස ඔහු මුදල් අමාත්‍යවරයාගෙන් දැඩි ලෙස ඉල්ලීම් කළ අතර, එම යාත්‍රා මඟින් අනාගත‍යේ හෝ ඇතිවිය හැකි හදිසි අවස්ථා වලදී ජීවිත බේරාගත හැකි බව අවධාරණය කළේය. එමෙන්ම මෙම මුලපිරීම සඳහා විදේශ ආධාර ලබාගැනීමට ඇති හැකියාව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

හිටපු අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතා පාර්ලිමේන්තුව තුල සිදුකල මෙම කතාව ධීවර කර්මාන්තයේ වඩා හොඳ ආරක්‍ෂිත ක්‍රියාමාර්ගවල හදිසි අවශ්‍යතාවය පිළිබඳවත් සහ අනාගත විපත් වැළැක්වීම සඳහා රජය විසින් කඩිනම් පියවර ගත යුතු බවත් අවධාරණය කළේය.

 

Ocean 1st by Oceanlust

Latest Comments

No comments to show.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *